මහින්ද රාජපක්ෂ මහතා දශක 3ක් තිස්සේ පැවති කුරැරි යුද්ධය නිමාකිරීමෙන් පසු ප්‍රථම වතාවට අරලියගහ මන්දිරයේ සිට ජනතාව අමතමින් චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණිය කාලයක් තිස්සේ සිදුකල සමනල විප්ලවය පිළිබද මතකය අවදි කර තිබෙනවා.ඵහිදී විජේවීර සරමක් ඇදන් මහ රෑ යාල කැලෙන් මතුවුන හැටිත්,ඉන්න හිටින්න මැදමූලන වලව්වෙ අවසර දුන් හැටිත් සිහිපත් කරමින් හෝරා දෙකකට ආසන්න කාලයක් දේවි බාලිකා මව් පියසේ සිසු දැරියන් සමග කාලය ගත කළ රාජපක්ෂ මහතා 2014 වර්ෂයේ නව ශිෂ්‍ය නායක මඩුල්ල අභිෂේක ගැන්වීමේ විශේෂ අවස්ථාවටද ඵක්ව සිටියා.ඵහිදී ඔහු තමන්ට වර්තමානයේ ඇති වී තිබෙන ජීවිත අවදානම පිළිබද විශේෂ හෙළිදරව්වක් කරමින් මෙසේ කියා තිබෙනවා.
"මම කිසිසේත්ම මරණයට බිය නොවෙමි.ඵහෙත් ඇතැම් විට මරණය ගැන බියක්ද දැනේ.යම් හෙයකින් මා මළ දවසක ඔබගේ පියා මළේ කුමකින් දැයි පාසලේ සහෝදර ශිෂ්‍යයෙකු මාගේ පුත්‍රයාගෙන් විමසූ කලෙක මගේ පියා මළේ බයිස්කෝප් ඵකක තරැණියක් සමග මල් ගස් වටා නටමින් ගීයක් ගයද්දී හැදුන පපුවේ අමාරැවෙකිනැයි පිළිතුරැ දීමට මගේ පුත්‍රයාට සිදුවේ දැයි මම අද බියෙන් පසුවෙමි.මට ඕනේ ඵවැනි මරණයක් නොවේ.ඵක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිනි අවියකින් හෝ මගේ හිස කුඩු පට්ටම් වී මිය යෑමට ලැබුණොත් මට ඊට වඩා සතුටක් නැත."
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු ඉතා විශිෂ්ඨ ගණයේ නායකයෙකු බව තමන් කුඩා කල සිටම හදුනනන බවද පවසා තිබෙනවා.කුඩා කාලයේ තමාගේ සිතේ සිටි ඵකම වීරයා බැට්මෑන් නොව රනිල් වික්‍රමසිංහ බවද,ඔහුගේ ජනපති සිහිනය සැබෑවන තෙක් කාලයක් ආසාවෙන් බලා සිටි ඵකම පුද්ගලයා තමන් බවද, ජනපති පදවිය තෙක් පසුව ආ ගමන ගැන ආපසු හැරී බැලීමේදී බෙහෙවින් සතුටට පත්වන බවද ඵම මහතා සිසු දැරියන් අමතමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.
Follow us on:










0 comments: