ඇමෙරිකාවේ Las Vegas නුවර ඇරඹී ඇති Consumer Electronic Show 2013 අතරතුරදී ලොව පුරා පිහිටි විවිධ සමාගම් විසින් සිය නවතම තාක්ෂණික නිර්මාණ ඵළිදැක්වීම සිදුකරනවා.මේ අතරට මෝටර් රථ,ජංගම දුරකථන හා පරිගණක ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් ඇතුළත්.කෙසේ හෝ පසුගිය 8 වෙනිදායින් ඇරඹී මෙම ප්‍රදර්ශන මාලාවේ තෙවැනි දිනය වන අද Robot මාදිලියේ නිෂ්පාදන රැසක් ඵළිදැක්වීමට විවිධ පර්යේෂණ කණ්ඩායම් විසින් සමත් වී තිබෙනවා.මෙහි සුවිශේෂීම අවස්ථාව වූයේ Samsung සමාගම විසින් හදුන්වා දුන් Tango Robotic Vacuum Cleaner යයි.ඊට අමතරව වියට්නාම රොබෝ
නිෂ්පාදන සමාගමක් වන Tosy, mRobo නමින් නර්තනයේ යෙදෙන රොබෝ කෙනෙකු නිෂ්පාදනය කර තිබෙනවා.මොහුට මෑතකදී ජනප්‍රිය වූ Gangnam Style හා Billie Jean නර්තනය පහසුවෙන් රග දැක්විය හැකි බවයි පැවසෙන්නේ.ඊට අමතරව BeeWi Tank Bee නමින් දුරස්ථ පාලක මගින් පාලනය කළ හැකි යුධ ටැංකියක්ද CES 2013 අතරතුරදී හදුන්වා දී තිබෙනවා.තවද Lego Mindstorms EV3,iRobot Mirra 530,titanoboa ලෙසින් නම් කළ Robot මාදිලියේ නිෂ්පාදන ගණනාවක්ම මීට ඇතුළත්.
මින් iRobot Mirra 530 ශ්‍රී ලංකාවේ මුදලින් රැපියල් 165000 කට මිල කර ඇති අතර පිහිනුම් තටාක ආශ්‍රීත කටයුතු වෙනුවෙන් ගොඩනගා තිබෙනවා.Lego සමාගම නිපදවූ Mindstorms EV3 ඔබගේ තෝරාගැනීම පරිදි මාදිලි 17 කින් ඵළිදක්වා තිබෙන අතර iphone හෝ ipad මගින් පාලනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙම උපාංගය මගින් ගෙදර දොර කටයුතු පහසුවෙන් සිදු කරවා ගත හැකියි.ඵසේම Samsung සමාගමේ ප්‍රබල තරගකරැවෙකු ලෙසින් සැලකෙන කොරියාවේ LG සමාගමද, Robotic මාදිලියේ නවතම වැකියුම් ක්ලීනරයක් CES 2013 අතරතුර ඵළිදක්වා තිබෙනවා.

LG සමාගම නිපදවූ Robot මාදිලියේ වැකියුම් ක්ලීනරය
Lego Mindstorms EV3
iRobot Mirra 530
Titanoboa Robot Snake
Tosy mRobo
Follow us on:

0 comments: