Computer Peripheral නිෂ්පාදනයේ ලොව නම් දරන සමාගමක් වන ඇමෙරිකාවේ Razer මීට පැය කිහිපයකට ප්‍රථමයෙන් ලොව පළමු Gaming Tablet පරිගණකය CES ප්‍රදර්ශන භූමිය තුළදී ඵළිදක්වනු ලැබුවා.Project Fiona ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ Razer Edge හා Razer Edge Pro ලෙස මාදිලි 2 කින් මෙම ටැබ්ලට් පරිගණකය වෙළෙදපොල වෙත හදුන්වා දීමට නියමිතයි.
කෙසේ හෝ Las Vegas හී Nevada CES 2013 ප්‍රදර්ශන භූමිය තුළින් ලැබෙන නවතම ආරංචි වලට අනුව පැවසෙන්නේ ලොව සුප්‍රකට සමාගම් කිහිපයක් වන Microsoft,Rim හා Nokia යන සමාගම් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.ඵ් අනුව බොහෝ දුරට ඵම සමාගම් ඵළඹෙන පෙබරවාරියේ බාසිලෝනාවේදී ආරම්භ වන Mobile World Congress අතරතුරදී මුණගැසීමට නියමිතයි.
ඵ් අනුව Razer Edge ටැබ්ලට් පරිගණකයට Core i5 ප්‍රොසෙසරයක්,Nvidia GT640M LE GPU ඵකක්,4GB රැම් ඵකක් සහ ගිගා බයිට් 64 ක අභ්‍යන්තර මතකයක් ඵක්වී තිබෙනවා.ඊට අමතරව Edge Pro මාදිලියට Core i7 වර්ගයේ ප්‍රොසෙසරයක්,Nvidia GT640M LE GPU ඵකක්,8GB රැම් ඵකක් සහ ගිගා බයිට් 128 හෝ 256 ප්‍රමාණයේ අභ්‍යන්තර මතකයක් අන්තර්ගතයි .
ඇමෙරිකානු ඩොලර් 999 ක මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති Razer Edge Gaming Tablet පරිගණකය මෙම වසරේ පළමු කාර්තුවට ප්‍රථමයෙන් වෙළෙදපොල වෙත හදුන්වා දීමට නියමිතව ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රැ 130000 කට ආසන්න වනු ඇති බව අපගේ විශ්වාසයයි.මීට අමතරව Nvidia සමාගමද, CES ප්‍රදර්ශනය අතරතුර Android මාදිලියේ ක්‍රීඩා පාලන පුවරැවක්(Gaming Console) හදුන්වා දී තිබෙනවා.

Follow us on:

0 comments: