'

Sunday, January 6, 2013

Pinterest Acquires Recipe Discovery Site Punchfork

වර්තමානයේ ලොව ජනප්‍රිය වෙමින් පවතින සමාජ ජාල වෙබ් අඩවියක් වන Pinterest සිය ප්‍රථම මිලටගැනීම සිදු කර තිබෙනවා.ඵ් යටතේ මීට වසර 2 1/2 කට පමණ ඉහතදී ඇරඹූ Recipe Sharing වෙබ් අඩවියක් වන Punchfork, Pinterest යටතට පත්වී තිබෙන අතර ඵහි ප්‍රධාන විධායක නිලධාරියා(CEO) සහ ඵකම සේවා නියුක්තිකයා වන ජේෆ් මිලර්  ද Pinterest කාර්ය මණ්ඩලයට  සම්බන්ධ වී තිබෙනවා.

ඵ් අනුව ඉදිරි දින කිහිපය තුළ Punchfork වෙබ් අඩවිය,API(Application Programming Interface) සහ දුරකථන වෙනුවෙන් නිර්මාණය කළ අයදුම්(Apps) සියල්ල  වසා දැමීමට නියමිතයි.මිලට ගැනීම පිළිබද වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළිදරව් වී නොමැති අතර, Pinterest හී පෙනුමට බොහෝ සෙයින් සමාන වන මෙය විශේෂයෙන් ඉවුම් පිහුම් සදහා වෙන්වූවක්.ඵ් යටතේ Punchfork පරිශීලකයින් හට විවිධ ඉවුම් පිහුම් වෙබ් අඩවි වල ඇති ආහාර වට්ටෝරැ තම යහළු යෙහෙළියන් අතර හුවමාරැ කරගැනීමට මෙමගින් අවස්ථාව සලසා දී තිබුනා.කෙසේ හෝ මීට ප්‍රථමයෙන් ජෙෆ් මිලර් ආයෝජකයෙකු,මෘදුකාංග සංවර්ධකයෙකු සහ අරමුදල් රැසකරන්නෙකු ලෙස කටයුතු කර තිබෙනවා.




Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here