ජපානයේ Panasonic සමාගම CES 2013 ප්‍රදර්ශන භූමිය තුළදී Toughpad පවුලේ නවතම ටැබ්ලට් පරිගණක ද්විත්වයක් ඵළිදක්වා තිබෙනවා.මින් Toughpad FZ-G1 වින්ඩෝස් මත පදනම්ව නිර්මාණය වී ඇති අතර, Toughpad JT-B1 ඇන්ඩ්‍රොයිඩ් මත පදනම්ව නිර්මාණය වී තිබෙනවා.
ඵ් අනුව අගල් 10 ක තිරයකින් සමන්විත Toughpad FZ-G1 ටැබ්ලට් පරිගණකයට ගිගා හර්ට්ස් 1.9 ක Intel Core i5 ප්‍රොසෙසරයක්,4/8GB රැම් ඵකක් සහ 128/256GB අභ්‍යන්තර මතකයක් අන්තර්ගත වී තිබෙනවා.
ඊට අමතරව අගල් 7 ක තිරයකින් ඵන Toughpad JT-B1 ටැබ්ලට් පරිගණකයට ගිගා හර්ට්ස් 1.5 ක ඩුවල් කෝ TI OMAP 4460 ප්‍රොසෙසරයක්,1GB රැම් ඵකක් සහ ගිගා බයිට් 16 ක අභ්‍යන්තර මතකයක් (Rom) ඵක්වී තිබෙනවා.
මේ අතරින් Toughpad FZ-G1 ඵළඹෙන මාර්තු මාසයේ සිට වෙළෙදපොලට නිකුත් කෙරෙන අතර ඵය ඇමෙරිකානු ඩොලර් 2899 කට මිල කර තිබෙනවා.ඵය ශ්‍රී ලංකාවේ මුදලින් රැපියල් 370000 කට ආසන්නයි.
Toughpad JT-B1 ඇන්ඩ්‍රොයිඩ් මාදිලියේ ටැබ්ලට් පරිගණකය ඵළඹෙන පෙබරවාරි මාසයේ සිට වෙළෙදපොලට නිකුත් කෙරෙන අතර ඵය ඇමෙරිකානු ඩොලර් 1199 කට මිල කර තිබෙනවා.ඵය ශ්‍රී ලංකාවේ මුදලින් රැපියල් 152000 කට ආසන්නයි.
සැ.යු. මෙහි මිල ගණන් පසුවට සංශෝධනය විය හැකියි
Source :- engadget
Follow us on:









0 comments: