'

Wednesday, January 9, 2013

Lenovo Unveils K900 - First Intel Clover Trail Phone

චීනයේ Lenovo සමාගම CES 2013 ප්‍රදර්ශන භූමිය තුළදී ඊයේ දිනයේ K900 නමින් නවතම ස්මාට්ෆෝන් ජංගම දුරකථනයක් ඵළිදක්වා තිබෙනවා.Intel සමාගම අලුතින්ම හදුන්වා දෙන Clover Trail පවුලේ පළමු ප්‍රොසෙසරය ලෙසින් සැලකෙන Intel Atom  Z2580 ඩුවල් කෝ ප්‍රොසෙසරය ඇතුළත්‍ කොට ඇති මීට Corning Gorilla Glass 2 ප්‍රොටෙක්ටර යෙදූ අගල් 5.5 ක Full HD IPS මාදිලියේ තිරයක් අන්තර්ගත කොට තිබෙනවා.

මේ අතර CES 2013 අතරතුරදී හදුන්වා දීමට යෙදුනු ZTE සමාගමේ 6.9mm ක ඝනකමින් යුතු Grand S දුරකථනයේ නිමාවට මෙය බොහෝ සෙයින් සමාන වන අතර K900 6.9mm ක ඝනකමින් හා ග්රෑම් 162 ක බරකින් යුක්තයි.




ඊට අමතරව මෙගා පික්සල් 13 ක Dual LED Flash සමග ඵන පිටුපස කැමරාවක්,මෙගා පික්සල් 2 ක Front Facing කැමරාවක්,2GB රැම් ඵකක් සහ 16GB අභ්‍යන්තර මතකයක් මීට අන්තර්ගතයි.විශේෂයෙන් මෙහි බද කොටස මල නොකන වානේ ලෝහ මිශ්‍රණ හා පොලිකාබනේට් යොදා ‍නිර්මාණය කොට ඇති අතර, ඵළඹෙන අප්‍රේල් මාසයට ප්‍රථමයෙන් චීන වෙළෙදපොල වෙත සිය පළමු නිෂ්පාදන ඛාණ්ඩය නිකුත් කළ හැකි බව Lenovo සමාගමේ අදහස වී තිබෙනවා.මිල ගණන් හෝ පිරිවිතර පිළිබද වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළිදරව් වී නෑ.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here