චීනයේ Lenovo සමාගම අගල් 5.5 ක විශාල තිරයකින් සමන්විත Android මාදිලියේ ස්මාට්ෆෝන් ජංගම දුරකථනයක් ඵළඹෙන CES අතරවාරයේදී ඵළිදැක්වීමට සැලසුම් කොට තිබෙනවා.Gizmochina වෙබ් අඩවිය ප්‍රථම වරට අන්තර්ජාලයට හෙළිදරව් කර සිටි මෙම දුරකථනය නම් කර ඇත්තේ Lenovo K5 ලෙසයි.මෙම දුරකථනයට ගිගා හර්ට්ස් 2 ක Intel Dual Core Merrifield ප්‍රොසෙසරයක්,2GB Ram ඵකක් හා Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතියක් ඇතුළත් වී තිබෙනවා.
ඊට අමතරව මෙගා පික්සල් 13 ක කැමරාවක්,2MP Rear Facing කැමරාවක් හා ඩුවල් සිම් සහය මීට අන්තර්ගතයි.තවද Lenovo K5 දුරකථනය හමුවේ මෙතෙක් ලොව නිපදවූ සිහින්ම ජංගම දුරකථනය ලෙසින් සැලකෙන 6.9mm ක ඝනකමකින් යුතු ZTE Grand S දුරකථනය දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබෙන අතර K5 දුරකථනයේ ඇලුමිනියම් බද කොටසේ ඝනකම 6.7mm ක්.මෙම දුරකථනය ඇමෙරිකානු ඩොලර් 545 ක මුදලකට මිල කර ඇති අතර ශ්‍රී ලංකාවේ මුදලින් ඵය රැ 70000 කට ආසන්න විය හැකි බවට ගණන් බලා තිබෙනවා.
Follow us on:










0 comments: