'

Thursday, January 10, 2013

Kingston Unveils World's First 1TB USB 3.0 Flash Drive

ලොව විශාලතම Memory නිෂ්පාදන සමාගම වන ඇමෙරිකාවේ Kingston, CES 2013 ප්‍රදර්ශන භූමිය තුළදී ටෙරා බයිට් 1 ක ධාරිතාවයෙන් යුතු ලොව පළමු USB 3.0 මාදිලියේ ෆ්ලෑෂ් ධාවකය ඵළිදක්වා තිබෙනවා.ඔවුන් මෙය නම් කර තිබෙන්නේ HyperX Predator ලෙසයි.

මෙහි දත්ත හුවමාරැව SSD(Solid-State Drive) මතකයක් හා සංසන්දනය කිරීමේදී අග්නි ජාලාවක වේගයකින් යුක්ත වන අතර තත්පරයට 160MBක දත්ත ලිවීමේ හා 240MBක දත්ත කියවීමේ වේගයක් මෙමගින් සලසා දෙයි.මෙහි ‍ආවරණය තුන්තනාගම් ලෝහයෙන් නිපදවා තිබෙන අතර HyperX Predator, Linux 2.6 ,Mac OS X  10.6  ඇතුළුWindows 8,Windows 7(SP1),Windows Vista(SP1,SP2),Windows XP(SP3) යන ඕනෑම උපකරණයක් සදහා සහය දක්වන අතර මෙම වසරේ පළමු කාර්තුවට ප්‍රථමයෙන් වෙළෙදපොල වෙත නිකුත් කළ හැකි බව Kingston සමාගමේ අදහසයි.මෙහි 512GB මාදිලිය පමණක් ඇමෙරිකානු ඩොලර් 1750 කට මිල කර තිබෙනවා.ඵය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රැ 23000 කට ආසන්නයි.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here