ඇමෙරිකාවේ Hawlett-Packard සමාගම Las Vegas හී පැවැත්වෙන CES 2013 අතරතුරදී වින්ඩෝස් 8 මාදිලියේ නවතම ලැප්ටොප් පරිගණක ද්විත්වයක් ඵළිදක්වා තිබෙනවා.මේවා නම් කර ඇත්තේ Spectre XT Touchsmart Ultrabook හා Elitebook Revolve ලෙසයි.
මින් Spectre XT Touchsmart Ultrabook පරිගණකය අගල් 15.6 ක තිරයකින් සමන්විත වන අතර ගිගා හර්ට්ස් 1.9 ක Intel Core i7 3517U ප්‍රොසෙසරයක්,ගිගාබයිට් 8 ක රැම් මතකයක් හා 500GB දෘඩ මතකයක් ඊට ඵක් කර තිබෙනවා.
Elitebook Revolve පරිගණකය අගල් 11.6 ක මල්ටි ටච් තිරයකින් සමන්විත වන අතර Intel Ivy Bridge Core i3,i5 හා i7 මාදිලියේ ප්‍රොසෙසරයන් යොදා වැඩි දියුණු කළ මාදිලි කිහිපයකින් නිපදවා ඇති අතර 4-12GB රැම් මතකයක් හා ගිගා බයිට් 256 ක දෘඩ මතකයක් ඊට ඵක් කර තිබෙනවා.රාත්තල් 5ක් බරැති Spectre XT Touchsmart පරිගණකයට සාපේක්ෂව මෙහි බර රාත්තල් 3 ක්.කෙසේ හෝ ඵළඹෙන මාර්තු මාසයට ප්‍රථමයෙන් මෙම ලැප්ටොප් පරිගණක වෙළෙදපොල වෙත නිකුත් කරන බවයි HP සමාගම පවසන්නේ.මෙහි මිල ගණන් හෝ පිරිවිතර පිළිබද වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් හෙළිදරව් වී නෑ.
HP Elitebook Revolve Hands-On
Follow us on:









0 comments: