'

Sunday, January 13, 2013

How to Explain Deweni Batha From Kingdom Of Raigam

The Kingdom of Raigam සමාගම ශ්‍රී ලාංකික ජනතාව ඉලක්ක කොට ගනිමින් හදුන්වා දී ඇති "Deveni Batha" සදහා තරැණ,බාල,වැඩිහිටි භේදයකින් තොරව විශාල ඉල්ලුමක් රට තුළ නිර්මාණය වී තිබෙනවා.මොකක්ද ඇත්තටම මේ දෙවැනි බත කියන්නෙ.රට වෙනුවෙන් ඵක වේලක් වෙනස් කරන්න කියන කථාව,මේ හැම දේකම ඇත්ත නැත්ත දැනගන්න ඵම සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාට අපි කථා කළා.

මොකක්ද  දෙවැනි බත කියන්නෙ?
දෙවැනි බත කියන්නෙ අපේ රටේ සහල්  විතරක් පාවිච්චි කරලා   හදපු  උසස් තත්වයේ නූඩ්ල්ස් පැකට් ඵහෙකට

රටේ සහල් විතරක් ගන්න ඵක අපරාදයක් නෙමේද?
කිසිසේත්ම නෑ.ලංකාවෙ වාර්ෂිකව මෙ.ටො. මිලියන 4.8 ක සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා.ඵ් වගේම මේ කර්මාන්නයෙන් යැපෙන පවුල් ගණන 880000ක්.මේ මිනිස්සු අස්වැන්න කපලා ගෙට ගත්තට ඵ්වට රජයෙන් දෙන්නෙ සොච්චම් ගාණක් විතරයි.ඵ් හින්දා තමා අපි මේ විදිහට සුදු පැකට්ටුවේ ඵන නූඩලස් පැකට් ඵකක් වෙළෙදපොලට අරන් ආවේ.

ලංකාවෙ සහල් විතරයි කියලා හොදටම  විශ්වාසද?
මේකනේ මල්ලී ප්‍රසිද්ධියෙ කියන්න පුළුවන් දේවලුත් තියෙනවා,බැරි දේවලුත් තියෙනවා.ඔයා දන්නවා නම් කටවහගෙන ඉන්නකෝ.මෙහෙමයි ඉතින් ලංකාවෙ තියෙන සහල් ඔක්කොම අපිට නූඩ්ලස් හදන්න ගන්න බෑනේ.ඵහෙම වුනාම වෙනත් ආදේශක වල පිහිට පතන්න වෙනවා.අනික අපි හදන දෙවැනි බතම තව කෙනෙක් හැදුවොත්.ඵ්කයි අපි කියන්නේ.ඔයාට මං කියන දේ තේරැණා නේ(සිනාසෙමින්)

ඇයි මේ "නූඩ්ල්ස් තාලෙට" කියලා විතරක් පැකට් ඵකේ ගහන්නේ
ඵ්කටත් හේතුවක් තියෙනවා.ප්‍රධානම හේතුව තමයි මගෙ තාත්තා තවමත් ජීවතුන් අතර ඉන්න ඵක.ඇයි ලංකාවෙ ජනවහරෙ දෙවැනි බත කිව්වෙ කොස් වලටනේ,ඵ් කාලෙ අපේ සීයලා තාත්තලා කොස්,දෙල්,පොල් කාලා සැපට හැදිලා නූඩ්ල්ස් තාලෙට බත් කමු කියලා ඕකෙ නිකමට හරි තියෙනවා දැක්කොත් මිනිහා ම‍‍ගෙ දරැ‍වො ඉස්සරහා මටම සමච්චල් කරනවා.අන්න ඵ් ඇපෙන් බේරෙන්න තමයි "නූඩ්ල්ස් තාලෙට බත් කමු" කියන ඵකෙන් අන්තිම වචන දෙක අයින් කරලා දැම්මේ.

රට වෙනුවෙන් ඵක වේලක් වෙනස් කරන්න  කියලා කීයක් දේවල් කළාද?
ඵ් කිව්වෙ මල්ලි මට ඔයා කිව්ව ඵක පැහැදිලි නෑ.

ඇයි ඵක පාරක් ආණ්ඩුවෙනුත් කන්න වේලක් දෙන්න හැදුවේ?
ඔයා කියන්නෙ යලද මහද පොළොන්නරැවට නම් තාම වහිනවා.මං  සතියකට විතර කලිනුත් ගිහින් ආවේ.ඔයාට කියන්න මල්ලි ඵහෙ ‍වැව් හිදිලා කොක්කු විතරක් තනි කකුලෙන් හිටන් ඉන්නවා.බඩට කෑමක් වෙන්නැති  හොයනවා ඇත්තේ.

කන්නයක් ගැන නෙමේ අනේ අර ඉස්කෝලෙ යන ළමයින්ට කෑම දෙන්න හැදුවේ?
ආහ් ඵ්කද? දිවි නැගුම ගැන වෙන්නැති ඔය කියනවා ඇත්තේ

අපෝ නෑ මහත්තයෝ
හරි හරි දැනුයි මතක් වුනේ.අර ඉස්කෝලෙ ළමයින්ට උදේ වේල නොමිලෙ දෙන්න ගෙනාපු යෝජනාවනේ.ඵ්ක තාම සම්මත වුනේ නෑ.යෝජනාවක් විදිහට  තියෙනවා.කෙටුම්පත් හදලා කාරක සභා දාලා ඕවා සම්මත වෙලා ඵනකොට තව අවුරැද්දක් දෙකක් යනවා.කොහොමත් ආණ්ඩුවෙන් කරන්න ඕන දේවල් වලට අපිට වගකියන්න බෑ.මේක ඇවිල්ලා අපේ දෙවැනි බත විතරයි.

මහත්තයගෙ පවුලෙ අයත් දැන් රට වෙනුවෙන් වෙනස්  වෙලාද? 
ඔව් ඔව්...............මොකක්ද මෙයා කිව්වේ

රට වෙනුවෙන් ගෙදර අයත් වේලක් වෙනස් කළාද කියලා ඇහුවේ
මෙහෙමනෙ දරැවෝ ඔයත් තාත්තා කෙනෙක් වුන දාට ඕක තේරෙයි දැන් වෙලාද දන්නෙත් නෑ(සිනාසෙමින්) අපිට කියන ඵකක් යෑ.හ්ම්ම්
මගේ පොඩිම ඵකාට අවුරැදු 1 1/2.උෘට හැමදාම උදේට සීරියල් කවන්න ඕනේ.අනිත් ඵවුන් දෙන්නත් පොඩිම ‍දවස්වල ඵ්වා කෑවා.දැන්  උස් මහත් වෙලා.වෙලා තියෙන්නෙ දැන් උන්ට ගෙදර ඉන්න ඉස්පාසුවක් නෑ.මාත් උදේම රාජකාරියට පිටත්වුනාට පස්සෙ ආයෙ ඵන්නෙ නිදි පැදුරට ඵ් වෙලාවට හරි මගේ ළග ඉන්නෙ මගේ නෝන මහත්තයා විතරයි.ඔයා රට වෙනුවෙන් වේලක් වෙනස් කළාද කියලා අහනවා.අපේ ගෙදරවත් තාම කරගන්න බැරිවෙච්ච ඵක කොහොමද? පොඩ්ඩක් ඉන්න මල්ලී අත්‍යවශ්‍ය Call ඵකක් ඵනවා.හරි කියන්න

 "ගන්න අපේ දේ" කියන්නෙ ඇයි?
ඵ්ක අපි නිකං ගහගන්නේ.මව්බිම ලංකා කියන පදනමට බැදෙන ඕන කෙනෙකුට ඔය බැජ් ඵක ගහගන්න පුළුවන්.ඵයාලා හදන තැනට ඵන්නෑ,ඵ් නිසා අපිට හිතෙන දෙයක් දාලා හදනවා.

ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ?
රයිගම රාජධානියේ ඵදා මෙදා තුරාවට හදපු ලොකුම බොයිලේරැව හදන්න හිතන් ඉන්නවා.ඵ්ක ගිනස් වාර්තා පොතටත් යයි.‍ලංකාවෙ ගොඩක් Suicide වෙන පෙබරවාරි 14 වෙනිදට තමා ඵ්ක Open කරන්න හිතන් ඉන්නේ.ඊට අමතරව අපේ සුභ සාධක සංගමේට ආධාර පිණිස ඵල්ෆිනිස්ටන් ඵකේ නාට්‍යයක් පෙන්නන්න හිතන් ඉන්නවා.

නිෂ්පාදන ගැන කථා කළොත්?
ඵහෙම විශේෂයක් කියලා නෑ අපිට මොකක් හරි දෙයක් හදන්න හිතුනොත් ඵ්කට හිත ඇදිලා යන නමක් දාලා හදන්න පටන් ගන්නවා.දැන් දෙවැනි බතනෙ යන්නේ ඊට පස්සෙ කුරක්කන් තලප ඵන්නත් බැරි නෑ.මුං ඇට,කව්පි,මෙනේරි,කඩල තව කොච්චර දේවල්  හදන්න තියෙනවද?(සිනාසෙමින්)










Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here