'

Saturday, January 12, 2013

Google Launches Chrome Beta Channel For Android

Google සමාගම විසින් Android 4.0+ මාදිලියේ දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙනුවෙන් Google Chrome නවතම බීටා සංස්කරණයක් ඵළිදක්වා තිබෙනවා.‍ඔවුන් මින් පෙර හදුන්වා දුන්  Chrome සංස්කරණය අපේක්ෂා කළ ආකාරයෙන් ඇන්ඩ්‍රොයිඩ් ලෝලීන් අතර ජනප්‍රිය නොවූ අතර මෙය ඵහි තිබූ වැරදි හා අඩුපාඩු නිවැරදි කිරීමක් ලෙසද හදුන්වා දිය හැකියි.ඊට අමතරව මෙයට සුවිශේෂී වූ අංග ගණනාවක්ම අලුතින් ඵක්කොට දී තිබෙනවා.ඵ් අතරට සංවර්ධකයන්(Developers) හට මෙහි ආරක්ෂාව හා වේගය  වෙනුවෙන්  පියවර ගැනීමට ඵක් කොට ඇති html 5 ඵන්ජිම,CSS Filter හා Track Elements පහසුකම විශේෂ තැනක් ගෙන තිබෙනවා.

මෙහි අවසාන සංස්කරණයක් නිකුත් වීමට ප්‍රථමයෙන් Chrome බීටා සංස්කරණය අත්හදා බැලීමට දැන් ඔබටත් හැකියි.ඵ් සදහා ඔබ Google Play වෙත පිවිසිය යුතු වන අතර, ඵහිදී ඔබට ඇතිවන යම් ගැටලුවක් වේ නම් ඵය Google Chromium වෙත යොමු කළ හැකියි.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here