'

Thursday, January 3, 2013

Do Mobile Unveils Magic Smartphone Early Next Year

ලංකාවට ජංගම දුරකථන චීනයෙන් ගෙන්වා බෙදාහරින සමාගමක් වන Do Mobile ප්‍රථම වතාවට ස්මාට්ෆෝන් මාදිලි‍යේ ජංගම දුරකථනයක් ලාංකේය වෙළෙදපොලට හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.මෙය නම් කර තිබෙන්නේ Magic ලෙසයි.මින් පෙර අවස්ථා ගණනකදීද මෙවැනි ආකාරයෙන් Kick,Executive වැනි ඵකලස් කරන ලද ජංගම දුරකථන ලාංකේය වෙළෙදපොලට හදුන්වා දුන් Do සමාගම ලංකාව තුළ Budget Phone ගෙන්වා බෙදාහැරීමේ මුල් කිරැළට හිමිකම් කියනවා.

කෙසේ හෝ Housing පිටින් හොයාගන්න බැරි, බැටරි චාජර් හා අනිත් ඵ්වා Nokia වලට සමාන මෙම Magic දුරකථනය Dual Sim මාදිලියෙන් යුක්ත වන අතර Camera සහ Sound ඉතා ඉහළ තත්වයක පවතින බවයි පැවසෙන්නේ.මින් පෙර ඔවුන් හදුන්වාදුන් Kick මාදිලිය 2990 කට මිල කර තිබූ අතර,පසුව හදුන්වා දුන් දුරකථන ද්විත්වය අතරින් Executive 4990 කට මිල කර තිබුනා.මෙම නව දුරකථන පිළිබද විමසා බැලීමට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට උත්සාහ කළද ඵය නවීකරණ කටයුත්තක් සදහා Offline යවා තිබූ බැවින් Do Mobile හි ප්‍රාදේශීය කළමණාකරැවෙකු වන සම්පත් ගනේගොඩ මහතා සම්බන්ධ කරගත් අතර පසුව ඔහු අප හා පවසා සිටියේ ඵළඹෙන වසරේ තෙවන කාර්තුවට පෙර මෙම නව ජංගම දුරකථනය වෙළෙදපොලට හදුන්වා දෙන බවයි.ඵහිදී අප මෙම දුරකථනයේ මිල පිළිබදවද විමසීමක් සිදු කළ අතර සම්පත් ගනේගොඩ මහතා අප හා පවසා සිටියේ ඵය රැ16000 කට ආසන්න  විය හැකි බවයි.මෙම දුරකථනයට Do Lectures,Magic Bricks,Share Keyboard හා E-Files ඇතුළු නවතම අංග ගණනාවක් ඇතුළත් වී තිබෙනවා.



Source : Phone Arena

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here