ඔසාමා නොවිකුණා දෙවන වතාවටත් බලයට පත්වූ බැරැක් ඔබාමාගේ ජයග්‍රහණයට සුභපතමින් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රීයේ හදිසියේම යැවූ සුභ පැතුම් ලිපිය අතුරැදන් වී ඇති බවට White House නිල වෙබ් අඩවිය සදහන් කරනවා.ඵසේම රාජපක්ෂ මහතාගේ සුභ පැතුම තමන් ඉතා ආශාවෙන් බලාපොරොත්තුව සිටි ඵකක් බවද,අතුරැදන්වීම පිළිබද සොයා බලා ඊට හේතු වූ කරැණු ඇතුළත් වාර්තාවක් වහාම කැදවන ලෙසට ඔබාමා මහතා ආරක්ෂක ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මියට ඵරට වේලාවෙන් අළුයම 2.30 ට පමණ අමතා නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.
ඵහිදී හිලරි ක්ලින්ටන් මහත්මිය පෙරළා විමසා තිබෙන්නේ ජයග්‍රහණය සමරමින් ගිණිකෙළි සංදර්ශනයක් සූදානම් කිරීමට ඔබතුමාට අවශ්‍යද යන්නයි.ඵහිදී ඔබාමා ගත් කටටම කියා තිබෙන්නේ ප්‍රභාකරන් මෙන් මළගිය හැම කොටියාම ශ්‍රී ලංකාවේදී මෙන් මැතිවරණ වේදිකා මත විකිණිය නොහැකි බවයි.ඵබැවින් තමන්ට ඇමෙරිකානු ජනතාවගෙන් ඵවැනි පුද සත්කාර අවශ්‍ය නැති බවත්,ජාත්‍යන්තර වශයෙන් ලෝකාපවාදයට ලක්වන නායකයකු වීමට වුවමනාවක් නැති බවත්,දිවිහිමියෙන් සිය මාතෘභූමිය සුරැකීම වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන බවට සදහන් කරමින් මාධ්‍ය නිවේදනයක් පමණක් නිකුත් කළ පමණින් තමන් සෑහීමකට පත්වන බවද ඔබාමා හිලරි ක්ලින්ටන් හට පවසා තිබෙනවා.අවසානයේ ඔහු සිනාසෙමින් පවසා තිබෙන්නේ "මහින්දගෙ ඊළග තුරැම්පුව" කුමක් වේවිද දන්නෑ යන්නයි.
Follow us on:











0 comments: