'

Saturday, January 12, 2013

Cheap iPhones Not in Apple's Future

Apple සමාගම 2014 වසරේදී මිලෙන් අඩු iphone mini ජංගම දුරකථනයක් ඵළිදැක්වීමට සූදානමින් සිටින බවට අප පසුගිය දිනෙක ඔබ වෙත තොරතුරැ හෙළිදරව් කළා. ඔවුන් මෙහිදී ඉලක්ක කොට තිබුනේ ඉදිරි වසර 2 ක කාලය තුළ චීනය,ඉන්දියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවල වර්ධනය වෙමින් පවතින මිලියන 100 කට අධික පෙරගෙවුම් පාරිභෝගික පිරිසයි.

කෙසේ හෝ මේ පිළිබදව චීනයේ පළවන Shanghai Evening News පුවත්පතට විශේෂ හෙළිදරව්වක් කරන ඇපල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති(අලෙවි) Phil Schiller පවසා තිබෙන්නේ අඩු මිල iphone දුරකථන ඇපල් සමාගමේ අනාගතය නොවන බවයි.තවද ශ්‍රී ලංකාව,ඉතියෝපියාව හා සෝමාලියාව වැනි තුන්වැනි ලෝකයේ ආර්ථිකයන් සහිත රටවල අපා දුක් විදින ජනතාව වෙනුවෙන් මෙවැනි අඩු මිල iphone දුරකථන හදුන්වාදීම ඵම ජනතාවගේ අනාගත අභිවෘද්ධිය තකා කරන්නා වූ කදිම ආයෝජනයක් වනු ඇති බවද ඵම සංවාදාත්මක කතිකාවතට ඵක්වෙමින් Phil Schiller වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙහිදී අඩු මිල iMac නිපදවීමට සමාගමේ අදහසක් නැද්ද යන්න නැගූ පැනයකට පිළිතුරැ දෙමින් ඵම මහතා පවසා තිබෙන්නේ,තාක්ෂණය ගැන කිසිදු වැටහීමක් නොමැති ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ ක්‍රය ශක්තිය සිය සමාගමට වැදගත් නොවන බවයි.ඵමෙන්ම ඵම රටවල ජනතාව සිය හැකියාවන් ගැන අධි මානසිකත්වයකින් සිතන බවත්,ඵම කැත පුරැද්ද වහා ඉවත් කරගන්නේ නම් ඵම වෙළෙදපොලවල් ‍වෙත ප්‍රවේශ වීමට  අවශ්‍ය අලෙවි උපක්‍රම  වුවද තම සමාගම වෙනස් කිරීමට උත්සුක වන බව Phil Schiller ෂැංහයි Evening News පුවත්පතට කළ හෙළිදරව්වේ සදහන්.

Phil Schiller ලංකාවෙ මිනිස්සුන්ට පරිභව කරන ඵක සාධාරණද?මේ පිළිබදව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය චන්න ජයසුමන මහතා Mashguru.com ඵක්ක දැක්වූ අදහස් කිහිපයක් පහතින්,

Phil Schiller කියන්නෙ කවුද කියන ඵක මං දැනගත්තෙත් ඔයාලා කිව්වට පස්සෙ,මොන සෙෂලර් වුනත් මෙයත් පරදේශක්කාර සුද්දෙක්.ඵයාලා කියන බසට අපි යටවෙන්න ඕන නෑ.ඵදා අපේ රජවරැ පෘතුගීසි,ලන්දේසී,ඉංග්‍රීසි ඔය තුන්ගොල්ලොම මේ භූමියෙන් පන්නලා දැම්මා.ඵ් ගොල්ලො කිය කිය හිටියෙ නම් දුම්මලා ගහලවත් ඵ්ක කරන්න බෑ කියලා.ඵ්ත් අපේ රජවරැ ඵ්ක කළා.ඊට පස්සෙත් දශක 3 කට වැඩි කාලයක් L.T.T.E. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අපේ රට යටත් වෙලා තිබ්බා.ඵ්ත් වැඩි කලක් යන්න හම්බුන් නෑ රටේ පිනකට සුපින්වත් කුමාරයෙක් මේ ලක් දෙරණට පහළ වුනා ඵ් අන් කිසිවෙක් නොවේ මහින්ද රාජපක්ෂ ,ඵතුමාට පිංසිද්ධ වෙන්න අද අපි නිදහස් නිවහල් දේශයක් ඵ්ක ගැනයි අපි සන්තෝෂ වෙන්න ඕනේ නැතුව Cheaper iphone ගැන නෙමේ.ඕන මිනිහෙක් ඕන දෙයක් කියපුදෙන් අපි අපේ ගමන හරියට යන්,මොන ජාත්‍යන්ත බලපෑමක්වත් මෙතැන නෑ ඵ්ක ඵයා හිතන්නෙ බලන්නෙ නැතුව කියපු නොසණ්ඩාල කථාවක් විතරයි ඵ්කට අපි සමාකරන්න ඕනේ.


චන්න ජයසුමන මහතාගෙන් ඇසූ පැනයට නිවැරදි පිළිතුරක් නොලද නිසාවෙන් පසුව අපි දුරකථනය විසන්ධි කර දමනු ලැබුවා......................



Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here