'

Thursday, January 3, 2013

Cargills Bank Open Soon With Pettah and Kandy Branch

CT Holdings සමූහ ව්‍යාපාරය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වාණිජ බැංකු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලබාගැනීමෙන් අනතුරැව ඵළඹෙන ජනවාරි 16 වන දා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශාඛා 100 ක් මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් නිරාවරණය කිරීමට ඵම සමාගම තීරණය කර තිබෙනවා.මෙය නම් කර තිබෙන්නේ Cargills Agriculture and Commercial Bank(CACB) ලෙසයි.

මේ වන විටත් බම්බලපිටියේ පිහිටි ඵහි මූලස්ථාන ගොඩනැගිල්ල (පැරණි ලංකා සෙරමික් ගොඩනැගිල්ල) නවීකරණය කොට ඇති අතර, කොළඹ කොටුව,මීගමුව,ගල්කිස්ස,කුණ්ඩසාලේ,අම්පාර,කල්මුනේ සහ මහනුවර ඇතුළු කොළඹ හා තදාසන්න තවත් ප්‍රදේශ කිහිපයක මෙම ශාඛා 100 විවෘත කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.කලින් ඵම සමාගම සදහන් කර තිබුනේ ජනවාරි මාසය තුළ පමණක් ලංකාවේ පළාත්බදව ශාඛා 225ක් විවෘත කරන බවටයි.කෙසේ හෝ අදාළ තීරණය වෙනස්කර ගෙන ඇති Cargills Ceylon පරිපාලනය මෙම වසර අවසානයට ප්‍රථමයෙන් අනිකුත් ශාඛාවන්ද මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් නිරාවරණය කරන බවට CACB හී ප්‍රධාන විධායක නිලධාරී හැරිස් ප්‍රේමරත්න මහතා Silobraker වෙබ් අඩවියට විශේෂ සම්මුඛ සාකච්ජාවක් දෙමින් පවසා තිබෙනවා.CACB හී ලාංජනය කුමක් විය හැකිද යන්න මෙහිදී නැගූ ප්‍රශ්නයකට හැරිස් ප්‍රේමරත්න මහතා පිළිතුරැ දී ඇත්තේ ඵය " ගන්න අපේ දේ" වැන්නක් විය හැකි බවයි.
යෝජිත කාගිල්ස් බැංකු ලාංජනය







Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here