'

Saturday, January 26, 2013

ඩේව් ජෝන්ස් හැකර්කරැගෙන් රජයට ඉල්ලීම් කිහිපයක්

රජයේ වෙබ් අඩවි කිහිපයකටම බලහත්කාරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කළ බවට චෝදනා ලැබ සිටින ඩේව් ජෝන්ස් නම් හැකර්කරැවාගේ ජායාරෑපයක් අප වෙත ලැබී තිබෙනවා.

தமிழ் முற்றம்  නම් දමිළ වෙබ් අඩවියේ පළ වී තිබූ  මෙම ජායාරෑපයට අනුව  රටේ අපකීර්තියට විශාල අභියෝගයක් ඵල්ල කරන ඩේව් ජෝන්ස් හැකර්කරැවා  ලක් රජ‍ය වෙත පහත සදහන් සහන සලසන ලෙසට විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකර තිබෙනවා.

  • අධිකරණයේ ස්වාධීනත්වය රට තුළ නැවත ස්ථාපිත කළ යුතුයි
  • නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලීසිය,ත්‍රිවිධ හමුදාව ඇතුළුව සියලුම ආරක්ෂක අංශ අත්වැල් බැදගත යුතුයි
  • ස්ත්‍රී දූෂණය හා ළමා අපචාර වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති රට තුළ සම්පාදනය කළ යුතුයි
  • කාන්තා ප්‍රචණ්ඩත්වය හා ළමා හිංසනය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සහාය පැතිය යුතුයි
  • වර්ග භේදයකින් තොරව ජාතික ගීයට සිංහල දමිළ පද කළවම් නොවිය යුතු අතර දේශානුරාගය වඩවන නව පද මාලාවක් ඊට සම්මිශ්‍රණය විය යුතුයි
  •  මාධ්‍ය නිදහස සුරැකීම වෙනුවෙන් සියලුම මාධ්‍ය සංවිධාන ඵකාවන්ව අත්වැල් බැද ගත යුතුයි
  •  තර්ජන,මිනීමැරීම්,බියවැද්දීම් වැළැක්වීම වෙනුවෙන්  හඩ නැගීමට සියලුම සිවිල් සංවිධාන මේ මොහොතේදී ක්‍රියාත්මක විය යුතුයි
  •  දිවිනැගුම,ගම නැගුම,රට නැගුම වැනි ප්‍රෝඩාකාරී මුදල් කාබාසිනියා කරනා ව්‍යාපෘති සියල්ල නවතා දැමිය යුතුයි.
  • පක්ෂ භේදයකින් තොරව රටට ආදර්ශමත් නායකයන් වශයෙන් ක්‍රියාකිරීමට  සියල්ල මහජනයා ඉදිරියේ නැවත දිවුරැම් දිය යුතුයි.
  • ඵසේම රටට ඔරොත්තු නොදෙන ආකාරයේ සුඛෝපභෝගී යාන,වාහන මිලට ගනිමින් පොඩි මිනිහාගේ පොකට්ටුවට බරක් නොවීමට සියලු මැති ඇමතිවරැන් ක්‍රියා කළ යුතුයි.

ඵසේ නොකරන්නේ නම් ඉදිරියට මෙවැනි ආකාරයේ පහරදීම් තවත් වර්ධනය විය හැකි බවට,ඩේව් ජෝන්ස් ටැමිල් මිට්ටම් වෙබ් අඩවිය ඔස්සේ ලක් රජයට අනතුරැ ඇගවීම් කර තිබෙනවා.

Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here