'

Saturday, January 5, 2013

Apple May Launch Cheaper iPhone Mini in 2014

Apple සමාගම ඉන්දීය හා චීන වෙළෙදපොල ඉලක්ක කරගනිමින් අඩු මිල iPhone Mini ජංගම දුරකථනයක් 2014 වසරේ ඵළිදැක්වීමට සූදානමින් සිටිනවා.ඉදිරි වසර කිහිපය තුළ ලොව පුරා වර්ධනය විය හැකි මිලියන 100 කට අධික පෙරගෙවුම් පාරිභෝගිකයින් ඉලක්ක කරගනිමින් හදුන්වා දීමට නියමිත මෙම අඩු මිල iPhone Mini ජංගම දුරකථනයට අමතරව ඵළඹෙන මැයි හෝ ජූනි මාසයේදී  iPhone 5S දුරකථනයද වෙළෙදපොල වෙත හදුන්වා දීම සමාගමේ ඉලක්කයයි.


මීට අමතරව පසුගිය කාලයේ හදුන්වා දුන් Apple iPhone 5 දුරකථනය චීනය තුළ ඵළිදක්වා මුල් සතිය  ඉක්ම යාමට මත්තෙන් මිලියන 2කට වැඩි වාර්තාගත අලෙවියක් තැබීමටද අදාළ සමාගම සමත්වී තිබුනා.Samsung Galaxy S4 දුරකථනයද ඵළඹෙන වසරේ පළමු කාර්තුවට පෙර වෙළෙදපොල වෙත හදුන්වාදීමට නියමිතයි.මෙම හදුන්වාදීම තුළින් ඇමෙරිකානු ස්මාට්ෆෝන් වෙළෙදපොලේ අංක 1 කිරැළට හිමිකම් කියන Samsung සමාගමට ආසියාකරයේදී ප්‍රබල තර්ජනයක් ඵල්ල කිරීම Apple සමාගමේ අපේක්ෂාව වී තිබෙනවා.



Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here