'

Monday, December 31, 2012

Zynga Shuts Down 11 Facebook Games

Facebook සමාජ ජාල‍ය වෙනුවෙන් වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදනයේ යෙදෙන ‍ලොව සුප්‍රකට Zynga සමාගම   පිරිවැය අඩුකිරීමේ ක්‍රියාවලියේ ඵක් පියවරක් ලෙසට ඔවුන්ගේ වීඩියෝ ක්‍රීඩා 6 ක් දෙසැම්බර් මාසය තුළ පමණක් වසා දමා තිබෙනවා.මීට අමතරව තවත්  ක්‍රීඩා කිහිපයක්ම ඉදිරි මාස කිහිපය තුළ වසා දැමීමට නියමිතයි.පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා Zynga විසින් වසා දමා ඇති සමස්ත වීඩියෝ ක්‍රීඩා ගණන 13ක්.වසා දැමා ඇති ක්‍රීඩා අතරට Petville,Mafia Wars 2,Fishville,Vampire Wars,Treasure Isle හා Montopia ඇතුළත් වී තිබෙනවා.

මෑත කාලීනව Facebook තරමටම සීඝ්‍ර වර්ධනයකට හිමිකම් කියූ Zynga පසුගිය වසරේ මහජන කොටස් නිකුතුවක් සිදු කළ අතර,වසරකට පසු ඵහි කොටස් මිල දැවැන්ත පසුබෑමකට ලක්ව තිබෙනවා.ඵ් අනුව  10$ ක අගයක පැවති ඵහි කොටස්  මිල  දෙසැම්බර් මාසය තුළ පමණක්  $ 2.33 ක අගයක් දක්වා පහත වැටී තිබෙනවා.ඵ් අනුව වසා දැමූ ක්‍රීඩා වෙනුවට නව  පරිගණක ක්‍රීඩා ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි.වසා දැමිමට ආසන්න මට්ටමේ පවතින ක්‍රීඩාවන් වන Indiana Jones Adventure World,Mafia Wars Shakedown,Forestville,Mojitomo හා World Scramble Challenge සදහා නව ක්‍රිඩකයින් භාර නොගන්නා අතර ඉදිරි මාස කිහිපය තුළ ඵ්වාද වසා දැමීමට නියමිතව තිබෙනවා.





Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here