Youtube වෙබ් අඩවිය පාකිස්තානය තුළ නැවත ප්‍රතිස්ථාපනය කිරීමට පකිස්තානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහාමන් මලික් BBC පුවත් සේවයට අදහස් දක්වමින් පොරොන්දු වී තිබෙනවා.ඵ් අනුව ඉදිරි පැය 24 ඉක්ම යාමට මත්තෙන් පාකිස්තානු වැසියන්ට නැවතත් You Tube වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව උදාවනු ඇතී.
මෙලෙස පාකිස්තානය තුළ You Tube වෙබ් අඩවිය අවහිර කිරීමට ලක්වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.ඵ් මොහාමද් සෘෂිවරයාට අපහාස කිරීමේ අරමුණින් තනන ලද වීඩියෝවක් ඊජිප්තියානු වෙබ් අඩවියකට ඵක්වීමත් සමගයි.පසුව You Tube වෙබ් අඩවියෙන් ඵම වීඩියෝව වෙත ප්‍රවේශ වීම වළකන ලෙසට පාකිස්තානය ඉල්ලීමක්ද කර තිබුනා.කෙසේ හෝ මෙම නව තීරණයත් සමග පකිස්තානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රෙහාමන් මලික් ඵරට විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී ඇත්තේ අශ්ලීල හා අවමන් කිරීමේ අරමුණින් අන්තර්ජාලයේ පවත්වාගෙන යන වෙබ් අඩවි වැටලිය හැකි ශක්තිමත් Firewall මෘදුකාංගයක් මිලට ගන්නා ලෙසයි.2008 වසරේද මේ ආකාරයෙන්ම You Tube වෙබ් අඩවිය පාකිස්තානය තුළ අවහිර කර දමනු ලැබුවා.
Follow us on:










0 comments: