ලොව දෙවන විශාලතම සෙවුම් යන්ත්‍රය ලෙසින් සැලකෙන Yahoo කොරියාවේ සිදුකළ ව්‍යාපාර කටයුතු නවතා දමා තිබෙනවා.මීට හේතුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ Yahoo සමාගමේ ව්‍යාපාරවල ඇතිවූ මන්දගාමී ස්වභාවයයි.තවද කොරියාව තුළ විශාල අභියෝග රැසකට මුහුණ පා සිටින Yahoo Korea වෙබ් පෝටලය මැරිස්සා මේයර්ගේ මෙම නව තීරණයත් සමගින් කොරියාවෙන් ඉවත්වනු ඇතී.මේ හරහා අහිමි වන මුළු රැකියා අවස්ථා ප්‍රමාණය 200 කට ආසන්නයි.
Yahoo සමාගම 97 වසරේ ප්‍රථම වතාවට ආසියාව වෙත කේන්ද්‍රගත වූවා.ඵ් දකුණු කොරියාව සිය වාසස්ථානය කොට ගනිමින්.ඵ් අනුව ගතවූ වසර 15 ක කාලය තුළ අපේක්ෂිත වෙළෙදපොල අත්කරගැනීමට Yahoo සමාගමට හැකි වූයේ නෑ.ඊට ප්‍රධාන ලෙසම බලපෑවේ ඵරට දේශීය තරගරැවන් වන Daum හා Naver ගෙන් ඵල්ල වූ තරගයයි.කොරියාවේ NHN Corp නම් ආයතනයට අයත් Daum ඵරට සෙවුම් යන්ත්‍ර වෙළෙදාමෙන් 34% ක කොටසකට හිමිකම් කියන අතර ඵම වෙළෙදාමේ මුල් කිරැළ හිමි Naver ට හිමි කොටස 52% ක්.Korean Click නම් ආයතනයක අධ්‍යනයකින් හෙළිව ඇති මෙම වාර්තා වට අනුව ඵරට සෙවුම් යන්ත්‍ර වෙළෙදාමේ Yahoo ට හිමි කොටස 1.5% ක්.ඵ් අනුව kr.yahoo.com ඵළඹෙන ජනවාරියේ සිට Yahoo.com ප්‍රධාන වෙබ් අඩවිය වෙත ආපසු හරවා යැවෙනු ඇතී.මීට අමතරව Samsung හා LG යන සමාගම් වලින් ඵල්ල වී ඇති ගෝලීය තරගය හමුවේ මීට ප්‍රථමයෙන් HTC හා Motorola යන සමාගම් කොරියාවේ සිදුකරන ව්‍යාපාර කටයුතු වලින් සමුගැනීම සිදුවුනා.
Follow us on:









0 comments: