'

Monday, December 31, 2012

Sony Unveils Yuga Smartphone at CES Named Xperia Z

Sony සමාගම  Yuga සහ Odin ලෙසින් ප්‍රධාන සංස්කරණ 2ක් යටතේ ස්මාට්ෆෝනයක් නිපදවමින් සිටින බවට අප පසුගිය දිනෙක ඔබ වෙත තොරතුරැ අරන් ආවා.ඵතෙරින් ලැබෙන නවතම වාර්තා වලට අනුව කියවෙන්නේ මෙය ඵළඹෙන ජනවාරියේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන CES 2013 අතරතුරදී ඵළිදක්වන බවයි.මෙය නම් කර තිබෙන්නේ Sony Xperia Z ලෙසින්.

මෙහි ආසියානු සංස්කරණය Odin ලෙසින් හදුන්වා දී ඇති අතර,Xperia Z ලෙසින් ඵළිදැක්වීම සිදුවන්නේ මෙහි ගෝලීය සංස්කරණය වන Yuga මාදිලියයි.මෙයට අගල් 5 ක Full HD රෙසලූෂන් තිරයක්,Adreno 320 ග්‍රෑෆික්ස් සමගින් ඵන Quad Core Snapdragon S4  වර්ගයේ ප්‍රොසෙසරයක් හා ගිගා බයිට් 2 ක රැම් ඵකක් මීට ඇතුළත්.ඊට අමතරව Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතියක්,මෙගා පික්සල් 12 ක කැමරාවක් හා 128GB දක්වා ප්‍රසාරණය කළ හැකි Micro SD කාඩ් ස්ලොට් පහසුකමද මීට ඇතුළත් වී තිබෙනවා.




Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here