Apple හා Samsung ඵකිනෙකාට නඩු දමා ගැනීමේ කෙළවරක් දැකිය හැක්කේ නෑ.මෙහි අලුත්ම තත්වය වී ඇත්තේ,LG හා Samsung යන සමාගම් අතර පේටන්ට් අයිති උල්ලංඝනය කරගැනීම් වෙනුවෙන් ද්වන්ධ සටනක් නිර්මාණය වීමයි.මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ LG සමාගම විසින් ඔවුන්ගේ OLED තාක්ෂණ අයිතිවාසිකම සොරාගත් බවට Samsung සමාගමට චෝදනා කරමින් කොරියාවේ Seoul අධිකරණයක නඩු පවරනු ලැබුවා.
ඔවුන් චෝදනා කර තිබුනේ Samsung Galaxy ඛාණ්ඩයේ Galaxy SIII,Galaxy SII,Galaxy SII HD,Galaxy Note හා Galaxy Tab 7.7 මගින් LG සමාගමේ OLED හිමිකම සම්බන්ධයෙන් වූ පේටන්ට් අයිතීන් 7ක් උල්ලංඝනය කර ඇති බවයි.ඵයට ඉහත කී සමාගමේ Narrow Bezel තාක්ෂණයද ඇතුළත් වී තිබෙනවා.සිදුවූ අලාභය වෙනුවෙන් ඔවුන් අයකරගැනීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් බිලියන 7ක්.ඉන් සති කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් Samsung සමාගම ඔවුන්ගේ OLED තාක්ෂණය LG සමාගම සොරා ගත් බවට ඔවුන් වෙත චෝදනාවක් ඉදිරිපත් කළා.ඵම සොරකම සම්බන්ධයෙන් LG සමාගමේ සේවකයින් 7 දෙනෙකු වරදකරැවන් බවට පත්වූ අතර පසුව ඔවුන් සියල්ල රැකියාවෙන් නෙරපා දමනු ලැබුවා.
මේ අතර ඵතෙරින් ලැබෙන නවතම පුවත් වාර්තා හෙළිදරව් කරන්නේ LG සමාගම විසින් Samsung Galaxy Note 10.1 අලෙවිය කොරියාව තුළ තහනම් කරන ලෙසට ඉල්ලමින් Seoul අධිකරණයක නැවතත් නඩු පවරා ඇති බවයි.ඊට හේතුවී ඇත්තේ ඵ් සදහා යොදාගෙන ඇති Liquid Crystal Display(LCD) තිර මගින් LG සමාගමේ පේටන්ට් අයිතීන් තුනක් උල්ලංඝනය වී ඇති බවට ඵම සමාගම කරන චෝදනාවක් සැලකිල්ලට ගෙනයි.මෙහිදී අදාළ චෝදනාව නිෂ්ප්‍රභා නොවන තුරැ ඇපෑල පවතින ඵක් දිනක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක අලාභ මුදලක් Samsung LG සමාගම වෙත ගෙවිය යුතුයි.
ලොව පුරා ආන්දෝලනයට තුඩු දී ඇති Samsung VS Apple පේටන්ට් යුද්ධයේ මෑතක සිදුවීම වන්නේ Apple සමාගමේ iphone හා ipad උපාංග කොපි කළ බවට Samsung සමාගම වෙත ඵල්ල වූ චෝදනාවට වරදකරැවන් වූ ඔවුන් සිදුවූ අලාභය වෙනුවෙන් ඇපල් සමාගම වෙත පෙරළා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.05 ක මුදලක් ගෙවූ පුවතයි.ඉන් අනතුරැව රටවල් ගණනාවකදී ඵකිනෙකා අරඹයා නඩු කියාගත් Apple හා Samsung මෑතකදී ජපානයේ හා නෙදර්ලන්තයේ අධිකරණවල පැවරෑ නඩු චෝදනා නොමැති කමින් නිෂ්ප්‍රභා වූවා.

Follow us on:

0 comments: