මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ජපානයේ Sharp සමාගම චීනයේ Nanjin කර්මාන්තශාලාව තායිවානයේ Foxconn වෙත විකුණ දැමීමට සැලසුම් කර තිබෙනවා.මේ වන විටත් Apple සමාගමේ නවතම iPhone නිෂ්පාදන වෙනුවෙන් ක්‍රිස්ටල් තිර නිපදවීමේ නිරත Sharp සමාගම මෙක්සිකෝ කර්මාන්තශාලාවද, මෙම මිලටගැනීමෙන් අනතුරැව Foxconn සමාගම වෙත විකුණා දැමීමට නියමිතයි.ඵ් බව මෙතෙක් නිල වශයෙන් හෙළිදරව් වී නෑ.
කෙසේ හෝ පසුගිය මාසයේ Sharp සමාගම ඇමෙරිකාවේ Qualcomm සමාගම සමගින්ද ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක ආයෝජනයකින් පිරිමැසුම්දායක තිර නිපදවීමේ වෙළෙද ගනුදෙනුවකට ඵළඹුනා.මේ අතර ජපානයේ පළවෙන Nikkan Kogyo Shimbun පුවත්පතේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ Sharp සමාගමේ මැලේසියානු කර්මාන්තශාලාවද, විකුණා දැමීමට සැලසුම් කර ඇති බවයි.
Follow us on:








0 comments: