ඇමෙරිකාවේ දෙවන විශාලතම Pizza වෙළෙදසැල් ව්‍යාපාරය වන Domino's Pizza හි නිල ලාංජනය වෙනස් වී තිබෙනවා.1960 වසරේ ඇමෙරිකා ඵක්සත් ජනපදයේ මිචිගන් ප්‍රදේශයේ අරඹන ලද මෙය ටොම් මෝනගන් හා ඔහුගේ සහෝදරයා වන ජේම්ස් පැට්‍රික් ඩොයිලිගේ නිර්මාණයක්.ප්‍රථම වෙළෙදසැල වශයෙන් මිචිගන් හි ඉප්සිලන්ටි ප්‍රදේශයේ විවෘත වූ ඵය නම් කර තිබුනේ DomiNick's Pizza ලෙසිනි.
මේ වන විට ලොව පුරා රටවල් 70 ක සංස්ථාපිත හා වරලත් වෙළෙදසැල් 10000 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති Domino's Pizza 1998 වසරේදී Bain Capital නම් සමාගමකට විකුණා දමනවා.2004 වසරේදී පොදු සමාගමක් බවට පත්වන මෙහි නිල ලාංජනය මේ ආකාරයෙන් විපර්යාසයට භාජනය වන්නේ ප්‍රථම වතාවටයි.මෙම නව ලාංජනය ඕස්ට්‍රේලියානු Domino's Pizza ව්‍යාපාරයේ හදුන්වාදීමක් වන අතර පසුව නවසීලන්තයද මෙම නව ලාංජනය අනුගමනය කරමින් සිය වෙළෙදසැල් වෙනස් කරගෙන තිබෙනවා.ඵ් අනුව Pizza කෑල්ල ඉන් ඉවත්ව ගොස් ඇති අතර ඵතෙරින් ලැබෙන නවතම පුවත් වාර්තා හෙළිදරව් කරන්නේ Domino's කෑල්ලද, ඉන් ඉවත්ව ගොස් නව ලාංජනය පහත ආකාරයෙන් දිස්වන බවයි.
Domino's Pizza ශ්‍රී ලංකාව තුළ Jubilant Foodworks Limited විසින් ක්‍රියාත්මක කරන අතර දෙහිවල,නුගේගොඩ හා කෝට්ටේ ප්‍රදේශයේ සිය වෙළෙදසැල් පවත්වාගෙන යනවා.මෙම නව ලාංජනයේ වෙනස දැනගැනීමට Domino's Pizza ශ්‍රී ලංකා කළමණාකාරීත්වය සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුන් පසුව ඵය ව්‍යවර්ථ වූවා.
නව Domino's Pizza වෙළෙදසැලක් දිස්වන ආකාරය
Follow us on:












0 comments: