LG Sells 10 Million Optimus L-Series
LG Optimus L-Series වර්ගයේ ස්මාට්ෆෝන් ජංගම දුරකථන මිලියන 10 ක් විකිණී ගොස් තිබෙනවා.L3,L5,L7 හා L9 යන කාණ්ඩයට අයත් මෙම ජංගම දුරකථන වලින් පළමු ත්‍රිත්වය හදුන්වා දී තිබුනේ 2012 වසරේ පැවති Mobile World Congress අතරතුරයි.මේ අතරින් L3 දුරකථනය අගල් 3.2 ක තිරයකින්, L5 අගල් 4ක තිරයකින්,L7 අගල් 4.3 ක තිරයකින් හා L9 දුරකථනය අගල් 4.7 ක විශාල තිරයකින්ද,සමන්විත වී තිබෙනවා.මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ හදුන්වා දුන් Nexus 4 දුරකථනයේ අලෙවියද මිලියනයක සීමාවකට ළගා වී තිබෙනවා.Com Score නවතම වාර්තාවේ ඇමෙරිකාව තුළ ජංගම දුරකථන වෙළෙදපොලේ 3 වැනි ස්ථානයට තේරී පත්ව තිබෙන්නේ LG සමාගමයි.පළමු හා දෙවන ස්ථාන වලට පිළිවෙලින් Samsung හා Apple තේරී පත්ව තිබෙනවා.
Follow us on:









0 comments: