'

Monday, December 10, 2012

ඉරානය You Tube සංස්කරණයක් ඵළිදක්වයි

Iran Launches It's Own Version of You Tube
පසුගිය කාලයේ ඉරාන රජය විසින් ඔවුන්ගේ අන්තර්ජාලයක් ගොඩනැගීම වෙනුවෙන් වෙර දරන බවට විවිධ පුවත් වාර්තා පළවුනා.මීට සමගාමීව Google වෙබ් අඩවිය ඉරානය තුළ තහනමට ලක්වූ අතර ඊට පිළියමක් ලෙසට ඔවුන්ගේ ඊමේල් තැපැල් සේවයක්,සෙවුම් යන්ත්‍ර(Search Engines) ඇතුළු තවත් දෑ නිර්මාණය කිරීමට තීරණය කළා.ඵ් අනුව ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සමග සම්බන්ධ වීමට අවසර ලබා දුන්නේ බැංකු,මහා පරිමාණ සමාගම් ඇතුළු සීමාසහිත පිරිසකට පමණයි.

මෙහි ප්‍රථම පියවර වශයෙන් පසුගිය ඉරිදා දිනයේ ඔවුන් Mehr.ir ලෙසින් ඔවුන්ගේම You Tube වෙබ් අඩවි සංස්කරණයක් ඵළිදැක්වූ අතර මෙය හදුන්වාදීමේ ඔවුන්ගේ අරමුණ වී තිබුනේ ඉස්ලාම් ධර්මයට විරෝධය පාමින් ඉදිරිපත් කෙරෙන වීඩියෝ හඩපට වැළැක්වීමයි.ඵ් අනුව මිලියන 75 ක් වන ඉරාන ජනගහනයට අවහිර කළ ජාත්‍යන්තර වෙබ් අඩවි හා සම්බන්ධ වීමට VPN(Virtual Private Network) මෘදුකාංග භාවිතා කිරීමට සිදුව තිබෙනවා.

සැ.යු. ශ්‍රී ලංකාවේද මෙවැනි තත්වයක් ඇති කළ යුතුයි.ඵවිට බෙෘද්ධාගමට නිගාකරමින් අන්තර්ජාලය තුළ කටයුතු කරන Gossip Lanka වැනි වෙබ් අඩවි වල ක්‍රියාකාරකම් නවතා දැමිය හැකි අතර,රජයේ ලියාපදිංචිගත පුද්ගලයින්ට පමණක් Facebook,You Tube ඇතුළු තමන්ගේම ඊමේල් සේවාවන් අත්විදීමට අවස්ථාව සලසා දිය හැකියි.ඵමගින් අන්තර්ජාලය තුළ සිදුවන ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම නැවතෙනවා පමණක් නොව,පුද්ගලයින්ට අපහාස කිරීම්,බියගැන්වීම්,දේශපාලන පළිගැනීම් ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවකට විසදුම් ලබාගත හැකිවනු ඇතී.




Follow us on:
facebook twitter gplus pinterest rss

Subscribe us to receive free updates in your inbox:

0 comments:

Blogger Tricks And TipsComment here